අවසන් ගුවන්යානය නවදිල්ලියෙන් පැමිණෙයි - කටුනායක ගුවන් තොටුපොළ වැසෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (19දා) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.
අද අලුයම 3.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 198 දරන ගුවන් යානය මෙසේ ගුවන් තොටුපළ වසා දැමීමට පෙර අවසාන වශයෙන් පැමිණි ගුවන් යානය වෙයි.
මෙම ගුවන් යානයෙන් මගීන් 77 ක් පැමිණ තිබූ අතර , එයින් වැඩි පිරිසක් දඹදිව වන්දනාකරුවන් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා කියා සිටියා.
ගුවන් තොටුපොළින් පිටත්ව යන ගුවන් යානා, සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන එන ගුවන් යානා හා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා කටුනායක ගුවන් තොටුපොළ ක්‍රියාත්මක වෙයි.
682 Views
Comments