කුඩු බොන්න එපා කී බිරිඳට සැමියා තම මිතුරා සමඟ එක්ව කලදේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

කුඩු බොන්න එපා කී බිරිඳට සැමියා තම මිතුරා සමඟ එක්ව කලදේ

කුඩු බොන්න එපා කී බිරිඳට සැමියා තම මිතුරා සමඟ එක්ව කලදේ

අබිරහස් ලෙස සිය බිරිය ඝාතනය කර ඇති බවට ව්‍යාජ පැමිණිල්ලක් කර පොලිසිය නොමග යැවීමට උත්සාහ කළ මියගිය කාන්තාවගේ සැමියා ඇතුළු දෙදෙනකු සිද්ධියෙන් දින හතරකට පසුව සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

 

මෙසේ මියගොස් ඇත්තේ තලංගම උද්‍යාන මාවතේ තාවකාලිකව පදිංචිව සිටි තාරුකා නදී කුමාරි නමැති (31) හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.

 

මෙම කාන්තාව සිය සැමියා සමඟ තලංගම උද්‍යාන මාවත ප්‍රදේශයේ කුලී නිවෙසක වාසය කර ඇති අතර සැමියා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවීම නිසා දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇතිව තිබේ.

 

මේ අතරතුරදී මත්ද්‍රව්‍ය පානයට ඔහුගේ මිතුරකුද සම්බන්ධ වී ඔහු නිතර නිතර නිවසට යාමට ඒමට පුරුදුව සිටීම නිසා එම බහින්බස්වීම් තීව්‍ර වී ඇති බව පොලිසිය කියයි.


මේ අතර ඉකුත් 06 දා සවස මිතුරා සමඟ නිවෙසට පැමිණි අවස්ථාවේදී බිරිඳ සැමියා සමග බහින්බස්වීමක් හටගෙන  ඇති අතර ඊට සැමියාගේ මිතුරාද සම්බන්ධ වී ඔහු එම කාන්තාව සමග ගැටුමක් හටගෙන තිබේ.

 

පසුව ඔහු නිවසේ තිබූ තියුණු ආයුධයක් ගෙන එම කාන්තාවගේ හිසට ගෙලට හා ස්ථාන කිහිපයකට පහරදී බරපතල තුවාල සිදුකොට කාන්තාවගේ සැමියා සමඟ නිවසේ දොරගුළු ද දමා හිඟුරක්ගොඩ ප්‍රදේශයට පළාගොස් දින හතරකට පසුව (10) දා රාත්‍රී යළි නිවසට පැමිණ තිබේ.

 

එසේ එන විට එම කාන්තාව ඝාතනය වී සිටිනු දැක , දෙදෙනා බිය වී ඒ  පිළිබදව කතාවක් ගොතා තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්‍ෂිත මහතා හමුවී ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර තිබේ.

 

පසුව පොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂාකොට සැමියාගෙන් සහ මිතුරාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔවුන් ලබාදෙන පරස්පර ප්‍රකාශ නිසා සැකසිති අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඝාතනය තමා විසින් සිදුකළ බවට පොලීසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබේ. 

 

තලංගම තලාහේන නිවසක් තුළදී සැමිය ඔහුගේ හිතවතකු සමග එක්ව 31 හැවිරිදි  බිරිඳ  ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි.

 

මරණකාරිය සැමියා සමග නිවසේ කුලී පදනම මත ජීවත්ව ඇති අතර  පුරුෂයා සහ ඔහුගේ යාළුවා විසින් තියුණු ආයුධයකින් පාරදී කාන්තාව ඝාතනය කර නිවසෙහි දොරකුළු දමා පිටව ගොස් ඇති අතර පසුව සැකකරුවන් දෙදෙනාම පැමිණිලි කළ බව පොලිසිය කියයි.

 

මෙම අපරාධය සම්බන්ධයෙන් අවුරුදු 31ක් වන වන හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මරණකාරියගේ ස්වාමිපුරුෂයා සහ වයස අවුරුදු 44 ක් වන ගලේවෙල පදිංචි අනෙක් සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

views

450 Views

Comments

arrow-up