අනියම් පෙමට වහවැටුණු සැමියා අනියම් බිරින්දෑවරුන් දෙදෙනා සමඟ එක්ව බිරිඳට කලදේ

මුලතිව් මුල්ලියාවලෙයි බූටන්වයල් ගම්මානයේ කාන්තාවක් ළිඳකට පැන සිය දිවි හානි කරගත් බව ඇගේ සැමියා විසින් පොලිසියට ප්‍රකාශ කළත් එය මිනී මැරුමක් බවට තීන්දු වීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැමියා ඇතුළු තුන් දෙනෙකු මුල්ලියාවලෙයි පොලිසිය විසින් 27 දා අත්අඩංගුවට ගෙන තිබේ.
වවුනියාව ආච්චිපුරම් ගම්මානයේ පදිංචිව සිටි 23 හැවිරිදි එස්. සුදර්ශනී නැමති මෙම කාන්තාව මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග විවාහ වී ඇත.
ඔවුන් මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටිය දී ඇගේ සැමියා පළාතේ වෙනත් කාන්තාවන් දෙදෙනෙකු සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම කාන්තාවන්ගේ බහට අවනත වී සිය බිරියගේ ගෙළ සිරකොට මරා මළ සිරුර ළිඳට දමා තිබේ.
පසුව සිය බිරිඳ ළිඳට වැටුණු බව කියමින් කෑ ගසද්දී අසල පිරිසක් පැමිණ ඇයව ගොඩ ගෙන මුල්ලියාවලෙයි රෝහලට රැගෙන ගොස් තිබේ.
මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කාන්තාව ළිඳට වැටීමට පෙර හුස්ම හිරවීමෙන් මියගිය බවටත් එය ඝාතනයක් බවටත් වෛද්‍යවරයා විසින් ලබා දුන් තීන්දුව මත මුල්ලියාවලෙයි පොලිසිය සැමියාගෙන් වැඩිදුර කළ ප්‍රශ්න කිරීම්වල දී සිද්ධිය හෙළි වී තිබේ.
පසුව එම පුද්ගලයා අනියම් ඇසුර පවත්වා ගෙන ගිය කාන්තාවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කර ගෙන යයි.
මියගිය කාන්තාව මරා දැමීමේ සිද්ධියට සැමියාගේ අනියම් බිරියන් වශයෙන් සිටි කාන්තාවන් දෙදෙනාම හෝ ඉන් එක් අයෙකුගේ යම් සම්බන්ධයක් ඇති බවට පොලිසිය සැක කරයි. ඝාතනයට සම්බන්ධ බව කියන සැමියා හා එම කාන්තාවන් දෙදෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මුල්ලියාවලෙයි පොලිසිය පියවර ගෙන තිබේ.
263 Views
Comments