ඉන්ධන මිල අඩු කළොත් ජනතාව රස්තියාදු ගහන්න පුරුදු වෙනවා - ගම්මන්පිල
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

ඉන්ධන මිල අඩු කළොත් ජනතාව රස්තියාදු ගහන්න පුරුදු වෙනවා - ගම්මන්පිල

ඉන්ධන මිල අඩු කළොත් ජනතාව රස්තියාදු ගහන්න පුරුදු වෙනවා - ගම්මන්පිල

ඉන්ධන මිල අඩු කළහොත් ජනතාව වැඩි වැඩියෙන් ඉන්ධන පරිභෝජනය කරමින් නිකරුණේ රස්තියාදු ගසනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. 

 

"මේ ඉන්ධන කියන්නෙ ආනයනය කරන භාණ්ඩයක්. අපේ දැනටමත් අපනයන ආදායම වගේ දෙගුණයක් ආනයන වියදම වැඩියි. මේ බද්ද අඩු කළාම ඉන්ධන ලාබ වෙනවා. වැඩි වැඩියෙන් ඉන්ධන ගහගෙන රවුම් ගහන්න එහෙම කට්ටිය පුරුදු වෙනවා. එතකොට මොකද වෙන්නේ ? 

 

ඒනිසා ඉන්ධනවලට තියෙන ඉල්ලුම වැඩි වුණාම අපේ ආනයන වියදම වැඩිවෙනවා. අද රුපියල පිරිහෙනවා. 180ට තියෙන ඩොලරය 200 දක්වා ගියාම ළදරු ආහාර, ඖෂධ, වාහන, යන්ත්‍ර සූත්‍ර මේ සියලුම ආනයන වියදම ඉහළ ගිහිල්ලා ජීවන බර වැඩිවෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

 

උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ සජීවී රූපවාහිනී දේශපාලන සංවාදයකට එකතු වෙමිනි. 

views

729 Views

Comments

arrow-up