අම්බලංගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

අම්බලංගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට

අම්බලංගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

 

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ඔවුන් දෙදෙනාට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

 

වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් තිබේ.

 

මියගිය කාන්තාව මෙන්ම පිරිමි පුද්ගලයා ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය බව ද පොලීසිය සඳහන් කළේය.

 

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

150 Views

Comments

arrow-up