පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි තවත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි තවත් ඉහළට

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි තවත් ඉහළට

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව මැතිවරණ කොමිසම වෙත වාර්තා වී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

 

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 26 වැනි දින සිට ඊයේ (03) දින දක්වා මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1535කි. 

 

ඊයේ දින පස්වරු 4.30 දක්වා වූ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 127ක් වාර්තා වී තිබේ.

 

ඉන් පැමිණිලි 126ක් නීති උල්ලඝනය කිරීම් වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව එක් පැමිණිල්ලක්ද වාර්තා වී ඇත.

 

ලැබී ඇති පැමිණිලිවලින් පැමිණිලි 1248ක් විසඳා ඇතැයි ද තවත් පැමිණිලි 287ක් විසඳීමට කටයුතු කරමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

views

158 Views

Comments

arrow-up