හීරෝස් සුනඛයා පළතුරු මාලාව අල්ලයි

අනුරාධපුර ප්‍රදේශයේ පළතුරු වෙළෙඳසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කුඩු විකිණීමේ ජාවාරමක නිරතවූ 53 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි පළතුරු මාලා යන අන්වර්ත නාමයෙන් හඳුන්වන එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අදාළ විමර්ශන කටයුතු සඳහා පොලිස් නිල සුනඛ අංශයේ හීරෝස් සුනඛයාගේ සහාය ද ලබා ගැනුණා.
සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
2286 Views
Comments