උසස් පෙළ පන්ති මෙමස අගදී ආරම්භ කිරීමට සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

උසස් පෙළ පන්ති මෙමස අගදී ආරම්භ කිරීමට සූදානම්

උසස් පෙළ පන්ති මෙමස අගදී ආරම්භ කිරීමට සූදානම්

පාසල්වල උසස් පෙළ පන්ති මෙම මස අවසන් සතියේ ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.

 

පාසල්වලට අවශ්‍ය උෂ්ණත්වමාන දහසය දහසක් ගෙන්වා ගැනීම සඳහා අමාත්‍යාංශය මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇති අතර ටෙන්ඩරය බාරගෙන පළමු සතියේ දී උෂණ්තවමාන අටදහසක් ද දෙවැනි සතියේ දී ඉතිරි ප්‍රමාණය ද ලබා දිය යුතු යුතු බවට වන කොන්දේසිය මත මෙම ටෙන්ඩරය කැඳවූ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

මෙම මස අවසානයට පෙර උෂ්ණත්වමාන පාසල්වලට ලබා දීමට හැකි වනු ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද පැවසීය. සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් පිළිබඳව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර අද (08 වැනිදා) සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.

 

පාසල් ආරම්භ කිරීමට පෙර පොදු ප්‍රවාහන සේවා අනිවාර්යයෙන් ම සමාන්‍ය තත්ත්වයට පත් විය යුතුය යන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ අදහස වී තිබේ. ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡාවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ද සාකච්ඡා කරන බව ලේකම්වරයා පවසනවා.

කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම වෙනුවෙන් හා වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා පාසල් අනුගමනය කරන ක්‍රියාමාර්ග මෙම සාකච්ඡාවේ දී ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

1427 Views

Comments

arrow-up