දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට

දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට


මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යාපනය මැතිවරණ  කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රිවරයෙකු ඊයේ (14) වෙනිදා සවස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 


ටී.තම්බිරාසා නැමති ඔහු පවසා ඇත්තේ යාපනය මැතිවරණ කාර්යාලයේ ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද හිමි නාමලේඛනයේ ඡන්දදායකයින්ගේ නම්  සිංහලෙන් පමණක්න් තිබීම නිසා යාපනයේ සිටින දෙමළ ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් බවයි.

 


පොලීසිය පැමිණ ඔහුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැණුම් දී ඇත්තේ එම ස්ථානයේ උපවාස කිරීම නීති විරෝධී බවට දැනුම් දී සිටියත් ඔහු එම ස්ථානයෙන් ඉවත් නොවී පොලිස් නිලධාරීන් සමග බහින් බස් වීමෙන් පසුව ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

 

 

 

 

 

views

691 Views

Comments

arrow-up