දික්ඔය රෝහලේ කාර්ය මණ්ඩලයේ 15ක් රෝහල තුළම නිරෝධායනයට

දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ රෝගියකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව එම රෝහලේ හෙදියන් සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 15 දෙනෙකු රෝහල තුළම නිරෝධායනයට යොමුකර තිබෙනවා.
පසුගිය 08 වැනි දා හැටන් ප්‍රදේශයේ පදිංචිව රෝගියෙකු eco පරීක්ෂණයක් සඳහා රෝහලට පැමිණ ඇති අතර පසුව ඔහු මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.
එම රෝගියා සමඟ සමීපව කටයුතු කළ කාර්ය මණ්ඩලයේ පහළොස් දෙනෙකුයි මෙලෙස නිරෝධායනයට ලක් කර තිබෙන්නේ.
රෝගියා පදිංචි හැටන් ප්‍රදේශයේ ඔහුගේ ආශ්‍රිතයින්ද ස්වයං නිරෝධායනය ට යොමු කර තිබෙනවා.
754 Views
Comments