පාසල් ආරම්භ වන දවස
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

පාසල් ආරම්භ වන දවස

පාසල් ආරම්භ වන දවස

නිවාඩු ලබා දී ඇති පාසල් යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දෙකක් මේ වන විට පැවැත්වෙනවා. 

 

මෙම සාකච්ඡා සඳහා ප්‍රාථමික සහ ප්‍රධාන පෙළේ පාසල් විදුහල්පතිවරුන්, විභාග කොමසාරිස්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහභාගී වනවා.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරි දිනක දී පාසල් ආරම්භ කිරීම සඳහා සුදුසු දිනයක් තීරණ කර දැනුම් දීමෙන් පසු ඊට මුහුණදීම සඳහා විකල්ප කිහිපයකින් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම මෙහි දී සිදුවෙයි.

 

අද පැවැත්වෙන සාකච්ඡා වලින් පසු ඒ පිළිබඳ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලබා දෙන බව අධ්‍යාපන රාජ්‍ය  ලේකම් රංජිත් චන්ද්‍රසේකර ප‍්‍රකාශ කළා. 

 

අනතුරුව අමාත්‍යවරයා විසින් ලබා දෙන නිර්දේශ මත එම සැලැස්ම ක්‍රියාත්මක කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

 

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට දිවයිනේ සියලුම පාසල් වසා දැමිමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා.

 

views

1395 Views

Comments

arrow-up