නිකවැරටියෙ සමන් ඇතුළු සිඟිති පාතාලයේ 4ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

නිකවැරටියෙ සමන් ඇතුළු සිඟිති පාතාලයේ 4ක් අත්අඩංගුවට

නිකවැරටියෙ සමන් ඇතුළු සිඟිති පාතාලයේ 4ක් අත්අඩංගුවට

ෆේස්බුක් හරහා නිකවැරටියෙ සමන් නමින් සජීවී වීඩියෝ නිතුත් කළ සිසුවා අැතුළු 4දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

සමාජ මාධ්‍ය හරහා මේ දිනවල සංසරණය වන කුඩා දරුවන්ගේ ප්‍රචණ්ඩකාරී වීඩියෝ පිළිබද සොයා බැලීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.

 

පොළොන්නරුව- නිකවැරටිය ප්‍රදේශවල සිටින ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් මගින් දරුවන් සොයා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කළ බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ප්‍රකාශ කළේ.

 

මෙම දරුවන් මෙහෙයවන වැඩිහිටියන් පිළිබදව ද ශ්‍රී ලංකාවේ නීති රාමුව තුළ කටයුතු කළ හැකි බවයි ඒ මහතා පවසන්නේ.

 

තවත් ඒවැනි වීඩියෝවල පෙනී සිටින දරුවන් පිළිබද තොරතුරු දන්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරියේ 1929 අංකයට දැනුම් දෙන ලෙස ද ඉල්ලීමක් කෙරෙනවා.

 

මේ අතර මෙවැනි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන සහ ප්‍රචාරනය කරන පුද්ගලයින්ට වසර 10 ක් දක්වා සිර දඩුවම් ලබාදිය හැකි බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

 

 
මුහුණු පොතේ දඟලන සිඟිති පාතාලයට වැඩ වරදින ලකුණු

මුහුණු පොතේ දඟලන සිඟිති පාතාලයට වැඩ වරදින ලකුණු

Posted by ITNnews on Friday, May 1, 2020

 

views

875 Views

Comments

arrow-up