චීනයේ සිට ගෙන්වන සියලුම ශ්‍රී ලාංකිකයන් දින කිහිපයක් රඳවා ගැනීමේ යෝජනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

චීනයේ සිට ගෙන්වන සියලුම ශ්‍රී ලාංකිකයන් දින කිහිපයක් රඳවා ගැනීමේ යෝජනාවක්

චීනයේ සිට ගෙන්වන සියලුම ශ්‍රී ලාංකිකයන් දින කිහිපයක් රඳවා ගැනීමේ යෝජනාවක්

චීනයේ සිට මෙරටට ගෙන්වන සියලුම ශ්‍රී ලාංකිකයන්, වෛද්‍ය අධීක්ෂණය යටතේ දින කිහිපයක් රඳවා තබාගැනීම කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

 

මෙම වයිරසය ශරීරගතවූ අයකු ගුවන්යානය තුළදී, පැරසිටමෝල් පෙති දෙකක් පාවිච්චි කළහොත් ශ්‍රී ලංකාවට පැමිණෙන විට උණ තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කෙරෙන බැවින් රෝගියා හඳුනාගැනීමට අපහසු වන බව ඔවුන් පෙන්වා දෙනවා.

 

කෙසේවුවද, චීනයේ සිට මෙරටට ගෙන්වන ශ්‍රී ලාංකිකයන්, ආරක්ෂිත ස්ථානයක රඳවා තබාගැනීම අවශ්‍යයෙන්ම කළයුතුව ඇතැයි එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරනවා.

views

627 Views

Comments

arrow-up