UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 97 දක්වා ඉහළට

UPDATE : මෙරට වාර්තා වී ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 97 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කර සිටිනවා.
-------------------------------------------------------------------------------------------
UPDATE : කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් අද (23) සවස් කාලයේදී වාර්තා වීමත් සමග මෙරට වාර්තා වී ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.
-------------------------------------------------------------------------------------------
තවත් 5ක් - කොරෝනා ආසාදිතයින් ගණන 91 දක්වා ඉහළට
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 91 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ(22) රාත්‍රීයේ දි කොරෝනා ආසාදිත තහවුරු කළ රෝගීන් 4 දෙනෙකු වාර්තා වු අතර අද(23) දිනයේ දී රෝගීන් 5 දෙනෙකු තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඩ් 19 පැතිරීම වැළැක් වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී තහවුරු කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 91 ක් වාර්තා වෙයි. මේ අතර පුද්ගලයින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 222 දිවයිනේ රෝහල් 18ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.
වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබේ.
මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් - 19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය බව ආරංචි මාර්ග පවසයි.
679 Views
Comments