බඹර ප්‍රහාරයකින් කතුන් හතක් රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

බඹර ප්‍රහාරයකින් කතුන් හතක් රෝහලට

බඹර ප්‍රහාරයකින් කතුන් හතක් රෝහලට

හපුතලේ  සර්වුඩ්වත්තේ අද(27) සවස තේ දළු කඩමින් සිටි කාන්තාවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් හයදෙනකු හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ  දිසාරෝහල පවසයි. 

 

දළු කඩමින් සිටි පිරිසට සවස දෙකට පමණ මෙසේ බඹර ප්‍රහාරය එල්ල වී  තිබේ. 

 

දුම්ගසා ඇවිස්සී සිටි බඹරු පලවා හැර  අසල්වාසීන් විසින් බඹර ප්‍රහාරයට ලක්වූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

 

මේ අතර  හපුතලේ  ගෝනමොටාව  වත්තේ දී බඹර ප්‍රහාරට ලක්වූ වතු කම්කරුවෙකුද අද  දහවල් හපුතලේ  දිසාරෝහලට ඇතුළත් කර තිබේ.

 

වයස අවුරුදු විසි නවය සහ පනස් පහ අතර පසුවන පිරිසක් මෙසේ බඹර ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කර තිබේ.

 

හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. 

views

202 Views

Comments

arrow-up