ලංකාවෙ කෙරවලේ ඉදන් දැරියන් දෙදෙනෙකු සමූහ දූෂණය කළ පව්කාරයෝ තිදෙනෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

ලංකාවෙ කෙරවලේ ඉදන් දැරියන් දෙදෙනෙකු සමූහ දූෂණය කළ පව්කාරයෝ තිදෙනෙක්

ලංකාවෙ කෙරවලේ ඉදන් දැරියන් දෙදෙනෙකු සමූහ දූෂණය කළ පව්කාරයෝ තිදෙනෙක්

වයස අවුරුදු 17ක් සහ 16ක් වන බාල වයස්කාර දැරිවියන් දෙදෙනෙකුට එකවර බරපතල ලිංගික අපයෝජනය සිදුකළ කණ්ඩායමක පුද්ගලයෙකු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පැවසුවා.

 

පොලිසිය පැවසූවේ යාපනය පේදුරුතුඩුව, කුඩත්තනෙයි ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා සවස වයස අවුරුදු 16 ක් හා 17 ක් වන දැරිවියන් දෙදෙනෙකු සිය පිරිමි මිතුරන් දෙදෙනෙකු සමඟ කථා බහ කරමින් සිටි අවස්ථාවක පැමිණි තිදෙනෙකුගෙන් යුතු පිරිසක් අදාළ පිරිමි මිතුරන්ට පහරදි දැරිවියන් දෙදෙනාට ලිංගික අපයෝජනය සිදුකොට ඇති බවයි.

 

පිරිමි මිතුරන්ට පහරදි දැරිවියන් පාළු ගොඩනැගිල්ලක් වෙතට රැගෙන ගොස් ලිංගික අපයෝජනය සිදුකොට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලිසිය පැවසුවා.

 

සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුවීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළා.

 

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

views

1234 Views

Comments

arrow-up