කොළඹ වරායට ආ නෞකාවන්හි කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් - නෞකා දෙකක් ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස නම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

කොළඹ වරායට ආ නෞකාවන්හි කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් - නෞකා දෙකක් ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස නම් කරයි

කොළඹ වරායට ආ නෞකාවන්හි කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් - නෞකා දෙකක් ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස නම් කරයි

ඉන්දියාවේ හා පාකිස්තානයේ සිට කොළඹ වරාය වෙත පැමිණි වෙළෙඳ නෞකා දෙකකින් කොවිඩ් රෝගීන් දෙදෙනකු සොයා ගැනීමත් සමග එම නැව් පිහිටි ප්‍ර​දේශ ඊයේ (17) වන විට ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර ඇත.

පාකිස්තානයේ සිට සිමෙන්ති අමුද්‍රව්‍ය රැගෙන පැමිණි නැවකින් ඊයේ එක් කොවිඩ් ආසාදිතයකු වාර්තා වී තිබෙනවා. නැවේ කාර්ය මණ්ඩල එහි සිටියදීම ගොඩබිමට ඒමට ප්‍රථම කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී මෙම අනාවරණය වී තිබේ. එම නැව කොළඹ වරායට එපිටින් නැංගුරම් ලා ඇත.

‘විශ්වා ආනන්ද්’ නම් වූ ඉන්දිය නෞකාව කාර්ය මණ්ඩලයේ විසිහතර දෙනෙකු සමග අලුත්වැඩියාවක් සඳහා කොළඹ වරායට පැමිණ ඇත. ඒ ඉකුත් ඉරිදාය.
එම පිරිස නෞකාව තුළම රඳවා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ අතරේ ඉකුත් 15 වැනිදා සවස උණ රෝගය වැලඳී එහි සිටි අයකු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇත. නෞකාවේ පැමිණි එම ඉන්දියානුවාට කොවිඩ් වැලඳී ඇතැයි පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වූ පසු ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට යවා ඇත.

 

views

765 Views

Comments

arrow-up