තරුණයින් දෙදෙනෙක් සිදුවීමට ගිය මහා දුම්රිය අනතුරක් වළකයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

තරුණයින් දෙදෙනෙක් සිදුවීමට ගිය මහා දුම්රිය අනතුරක් වළකයි

තරුණයින් දෙදෙනෙක් සිදුවීමට ගිය මහා දුම්රිය අනතුරක් වළකයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේ රේල් පීල්ලක ඇතිවූ පැල්මක් හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුගේ දැනුවත් කිරීමකින් වැළකී ගිය බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

 

කළුතර දෙස සිට කොළඹ දෙසට දුම්රිය ධාවනය වන ඉහළ මාර්ගයේ සැතපුම් 25යි දම්වැල් 20 දරණ ස්ථානයේ රේල් පීල්ලක අඟල් අටක පමණ කොටසක පැල්මක්  දුටු වස්කඩුවේ තරුණයන් දෙදෙනකු ඒ සම්බන්ධයෙන් කළුතර උතුර සහ වාද්දුව දුම්රිය ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

 

ඒ අනුව වාද්දුව දුම්රිය ස්ථානාධිපති යූ. අයි. පී. රුද්‍රිගු මහතා වහාම ක්‍රියාත්මකවී ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය දැනුවත් කර වාද්දුව දුම්රිය මාර්ග අංශයේ කාර්මික නිලධාරීන් සහ යන්ත්‍ර සූත්‍ර සමග ඉක්මණින් එම ස්ථානයට යොමුකර අළුත්වැඩියාව සිදුකිරීමට පියවර ගත්බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

 

අලුත්වැඩියාව සිදුකරන කාලය තුළදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඉහළ දුම්රිය මාර්ගය පැයකට වැඩි කාලයක් වසාදැමීමටද පියවර ගෙන තිබුණි.

 

එම තරුණයන් දෙදෙනාගේ දැනුම්වත් කිරීම මෙන්ම වාද්දුව දුම්රිය ස්ථානාධිපති යූ. අයි. පී. රුද්‍රිගු මහතා ගේ ක්ෂණික ක්‍රියාත්මකවීමෙන් සිදුවීමට ඉඩතිබූ දුම්රිය අනතුරක් වැළකී ගොස් තිබේ. 

views

178 Views

Comments

arrow-up