කොටි සැමරුම්වලට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝග
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

කොටි සැමරුම්වලට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝග

කොටි සැමරුම්වලට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝග

වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල ලබන සතිය තුළදී එල්.ටී.ටී.ඊ සැමරුම් පැවැත්වීම අත්හිටුවමින් අදාළ අධිකරණ මගින් තහනම් නියෝග නිකුත්කර තිබෙනවා.

 

පොලිසිය කළ ඉල්ලීමකට අනුව වව්නියාව සහ මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ විසින් එම තහනම් නියෝග නිකුත් කළා. ඉදිරි සතියේදී යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිහිකර මහවිරු සැමරුම් උත්සව පැවැත්වීමට පවතින ඉඩ ප්‍රස්ථාව පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

 

ඒ අනුව, මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයින් 5 දෙනෙකුට සහ වව්නියාව ප්‍රදේශයේ පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව මෙම තහනම් නියෝග නිකුත්කර තිබේ.

 

යම් පුද්ගලයෙක් එල්.ටී.ටී.ඊ සැමරුම් පැවැත්වීමට කටයුතු කළහොත් ඊට එරෙහිව අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් නඩු පැවරිමට කටයුතුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

 

 

views

686 Views

Comments

arrow-up