ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලු රැස්වීම් හා උත්සව තහනම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
06

ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලු රැස්වීම් හා උත්සව තහනම් කෙරේ

ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලු රැස්වීම් හා උත්සව තහනම් කෙරේ

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොරෝනා රෝගීන් හේතුවෙන් ඇති වු තත්ත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර තිබේ.

 

ඒ අනුව, ප්‍රිය සම්භාෂණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකිය.

 

රටේ දැනට පවතින තත්ත්වය අනුව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතා වගකීමෙන් යුතුව ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

 

views

964 Views

Comments

arrow-up