නෙළුම් කුලුණේ ප්‍රධානියා ලෙස හමුදා මේජර් ජෙනරාල්වරයෙක් පත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

නෙළුම් කුලුණේ ප්‍රධානියා ලෙස හමුදා මේජර් ජෙනරාල්වරයෙක් පත් කරයි

නෙළුම් කුලුණේ ප්‍රධානියා ලෙස හමුදා මේජර් ජෙනරාල්වරයෙක් පත් කරයි

නෙළුම් කුලුණේ නව කළමනාකරණ ප්‍රධානියා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා (14) වැඩ භාරගත්තා.

 

ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 35ක සේවා කාලයකින් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස ද කටයුතු කළ සමරසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

 

ඔහු නෙළුම් කුලුණ ව්‍යාපෘතිය ආරම්භ වූ දා සිට ව්‍යාපෘති සම්බන්ධීකාරකවරයෙකු ලෙස සේවය කළා.

 

ඔහු වැඩ භාර ගැනීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා

 

views

656 Views

Comments

arrow-up