විශ්වවිද්‍යාල විද්‍යාගාර තුළත් PCR පරීක්ෂණ

විශ්වවිද්‍යාල කිහිපයක විද්‍යාගාර තුළ ද PCR පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන ඇතැයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කළ ලිඛිත ඉල්ලීමකට අනුව, එම පියවර ගත් බවයි.
එම ඉල්ලීම සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ට දැනුම් දීමෙන් පසු ඔවුන් සියලු දෙනා ඊට සිය කැමැත්ත පළ කර ඇති බව ද අමරතුංග මහතා ප්‍රකාශ කළේ ය.
ඒ අනුව, අද සිට ශ්‍රී ජයවර්ධනපුර, අග්නිදිග, කොළඹ, සහ යාපනය විශ්වවිද්‍යාලවලදී PCR පරීක්ෂණ සිදුකිරිමට නියමිතයි.
සාම්පල ලද විගස පරික්ෂණ සිදුකිරිමට සියලු කටයුතු සුදානම් බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ය.
643 Views
Comments