උදෑසන කාලයේ දැඩි මීදුමක් සමඟ සවස වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව පළාතෙත්කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසිද ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව,ඌවසහ බස්නාහිර පළාත්ව ලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවේ.
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයිනවටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි.
සුළගේවේගයපැ.කි.මී. (25-35) පමණවේ. කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින්විටපැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
733 Views
Comments