බෝම්බ ප්‍රහාරයේ මහ මොලකරු සහරාන්ගේ බිරිඳ පාස්කු කොමිසමට

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මියගිය සහරාන් හෂීම්ගේ බිරිඳ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට රැගෙනවිත් තිබෙනවා.
ඉකුත් වසරේ අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් වෙත එල්ල කළ බෝම්බ ප්‍රහාර වලට හසුවී මරණයට පත් සංඛ්‍යාව 350 කට අධිකයි.
දශකයකට ඉහත දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය මෙයයි.
මරණයට පත් පිරිසෙන් බහුතරය ශ්‍රී ලාංකිකයින් මාතර විදේශිකයින් 38 දෙනෙක් පමණ ප්‍රහාරයට හසුව මරණයට පත්ව තිබෙනවා.
730 Views
Comments