මෙරටට මගී ගුවන් යානා පැමිණීමේ තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

මගී ගුවන් යාන වලට මෙරටට පැමිණීමේ තහනම යළි දැනුම් දෙන තුරු දීරඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.
මෙරටින් පිටත්වන ගුවන් යානා වලට එම තහනම බල නොපාන බව සිවිල් ගුවන් සේවා අධිකාරියෙ සභාපති සඳහන් කරයි.
මෙම කාලසීමාවේදී මෙරට සිට පිටත් වන ගුවන් යානා සඳහා අවසර ලබාදී ඇත.
එමෙන්ම මගීන් හුවමාරුවීම, හදිසි ආපදා තත්ත්වයන් මත සිදුකරනු ලබන ගොඩබැස්සවීම, මානුෂිය කටයුතු සම්බන්ධයෙන් සිදුකරනු ලබන ගුවන් මෙහෙයුම්, තාක්ෂණික හේතුන් මත සිදුකරනු ලබන ගොඩබෑම් සහ මගින් රහිතව පැමිණෙන ගුවන් යානා සඳහා මෙරට ගුවන් තොටුපළවල් වලට ගොඩබෑමට අවසර හිමිවන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
663 Views
Comments