පහසුවට ණයදෙන උගුලට වැටෙන්නෙපා- මහ බැංකුව
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

පහසුවට ණයදෙන උගුලට වැටෙන්නෙපා- මහ බැංකුව

 පහසුවට ණයදෙන  උගුලට  වැටෙන්නෙපා- මහ බැංකුව

පහසු කොන්දේසි මත අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදෙන මුවාවෙන් සේවාදායකයින්ගේ බැංකු දත්ත

සොරාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතින බව ශ්‍රී ලංකාවේ මහ බැංකුව පවසයි.

 

තමන්ගේ ගිණුම් සම්බන්ධයෙන් සැකකටයුතු යමක් හෙළි වී ඇත්නම් වහාම තමන්ගේ බැංකුව වෙත ඒ වෙත දන්වා සිටින්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට කියා සිටියේය.

 

බැංකු ගිණුම් සඳහා ඇති රහස්‍ය අංක සහ රහස්‍ය පද ප්‍රවේශම් කරගත යුතු බව එම ප්‍රකාශකයා වැඩිදුරටත්

පැවසීය.

 

 

ආකර්ශනීය පොලියකට ඉතා පහසු කොන්දේසි මත ණය ලබාදෙන බව පවසමින් අන්තර්ජාලයේ පළවෙන දැන්වීම්වලට හසු නොවන ලෙසයි මහබැංකු ප්‍රකාශකයා පවසන්නේ.

තමන්ගේ බැංකුවෙන් ගිණුම් සම්බන්ධයෙන් ලැබෙන කෙටි පණිවිඩ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින

ලෙස මහ බැංකුව අවවාද කොට සිටී.

 

අන්තර් ජාලයේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන මූල්‍ය වංචා වල ප්‍රමාණය වැඩිවෙමින් පවතින බවයි මහ බැංකුව කියා සිටින්නේ.

views

606 Views

Comments

arrow-up