මා කළේ ආණ්ඩුවේ තීරණය ප්‍රකාශ කිරීම පමණයි - ගම්මන්පිලගෙන් කාරියවසම්ට අභියෝගයක්

ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත ආණ්ඩුවේම තීරණයක් බවත් තමා කලේ ඒය ප්‍රකාශයට පත් කිරීම පමණක් බවත් බලශක්තිය අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඉන්ධන මිල ඉහල දැමීමේ වගකීම භාරගෙන බලශක්ති අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කළ ලිපියට පිළිතුරු ලබාදීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ඉල්ලා අස්විය යුත්තේ තමාද නැතහොත් සාගර කාරියවසම් ද යන්න ජනතාව තීරණය කළ යුතු බවයි.
මෙම තීන්දුව ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහභාගී වූ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කවුරුන්දැයි නම් කරන ලෙස තමා සාගර කාරියවසම් මහතාට අභියෝග කරන බවද ගම්මන්පිල මහතා පැවසීය.
986 Views
Comments