විපක්ෂයෙන් දැඩි විරෝධය මැද රජය අතුරු සම්මත ගිණුම ඉවත් කර ගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

විපක්ෂයෙන් දැඩි විරෝධය මැද රජය අතුරු සම්මත ගිණුම ඉවත් කර ගනියි

විපක්ෂයෙන් දැඩි විරෝධය මැද රජය අතුරු සම්මත ගිණුම ඉවත් කර ගනියි

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරු සම්මත ගිණුම සදහා වූ සංශෝධන ඉල්ලා අස්කර ගන්නා බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

 

පාර්ලිමේන්තුව අද (20) රැස්වූ පසු පෙරවරු 10.35 ට පමණ එහි කටයුතු අත්හිටුවා විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැදවනු ලැබුවා.පක්‍ෂ නායක රැස්විමෙන් පසු පාර්ලිමේන්තුව යළි රැස් වුණේ මධ්‍යහ්න 12 ට පමණයි. 

 

අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරු සම්මත ගිණුම සදහා වූ සංශෝධන ඉල්ලා අස්කර ගන්නා බව සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියාසිටියේ එම අවස්ථාවේදීයි.

views

984 Views

Comments

arrow-up