මිනුවන්ගොඩ පොකුරේ කිසිදු රෝගියෙක් දැඩි සත්කාර ඒකකවල නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

මිනුවන්ගොඩ පොකුරේ කිසිදු රෝගියෙක් දැඩි සත්කාර ඒකකවල නෑ

මිනුවන්ගොඩ පොකුරේ කිසිදු රෝගියෙක් දැඩි සත්කාර ඒකකවල නෑ

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති කිසිඳු රෝගියෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර නොලබන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

හෙතෙම කියා සිටියේ දැනට රෝහල්ගතව සිටින කොරෝනා ආසාදිතයින් සියලුදෙනා සාමාන්‍ය රෝග ලක්ෂණ සහිතව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.

මෙරට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අමතර රෝහල් 10 ක් සූදානම් කර ඇතැයිද, ඒ මහතා පවසයි.

දැනට රෝහල් 14 ක 2400 ඉක්ම වූ අඳන් සංඛ්‍යාවක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර තිබෙනවා.

ඊට අමතරව දැඩි සත්කාර එක්කවල ඇඳන් 146 ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කර ඇති බව ද ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

views

668 Views

Comments

arrow-up