දඹුල්ලෙන් සැක කටයුතු පොල්තෙල් කන්ටේනරයක් සොයා ගැනේ

ඊයේ රාත්‍රියේ සිදුකළ පරීක්ෂා කිරීමකින් අනතුරුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පෞද්ගලික ගබඩාවක තිබූ සැකකටයුතු පොල්තෙල් කන්ටේනරයක් සිය භාරයට ගැනීමට දඹුල්ල පොලීසිය කටයුතු කර තිබෙනවා.
විදේශ රටක සිට ගෙන්වන ලද මෙම පොල්තෙල් කන්ටේනරයේ පොල් තෙල් ලීටර 20000 ක් පමණ පවතින බවට අනාවරණය කර ගෙන තිබේ.
කෙසේ නමුත් මේවා භාවිතයට සුදුසු මට්ටමේ පොල් තෙල් ද යන්න සනාථ කිරීමට මෙහි සිටී පුද්ගලයින් අසමත් වී තිබෙනවා.
එම හේතුව නිසාවෙන් මෙම ආනයනික පොල් තෙල් තොගය අඩංගු ගබඩාව ඊයේ රාත්‍රියේදීම මුද්‍රා තබා තිබෙනවා.
923 Views
Comments