තවත් පොලිස් නිලධාරීන් දසදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

තවත් පොලිස් නිලධාරීන් දසදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

තවත් පොලිස් නිලධාරීන් දසදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

වෙරළබඩ පොලීසියේ නිලධාරීන් දසදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

මේ හේතුවෙන් වෙරළබඩ පොලීසිය ද තාවකාලිකව වසා දැමීමට සිදුවූ බවට තොරතුරු වාර්තා වේ.

 

එම නිලධාරීන්ට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් මෙම වෛරසය ආසාදනය වී ඇති බව පොලීසිය පවසයි.

 

මෙම තත්ත්වයත් සමග වෙරළබඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 83දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර ඇති අතර, අනතුරුව ඔවුන් ස්වයං නිරෝධායට යොමු කර ඇත.

 

කෙසේ වෙතත් මේ වන විට වරාය පොලීසිය සහ කොටහේන පොලීසිය වෙරළබඩ පොලීසියේ රාජකාරි කටයුතු ආවරණය කිරීමට යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

 

views

532 Views

Comments

arrow-up