එකම දේ නිතර නිතර කිරීම මානසික රෝගයක්ද?

මෙය සුළු මානසික රෝගයකි. මෙය මනෝවිද්‍යාවේදී ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමිකතාව (Obsessive Compulsive Disorder – OCD) නැත්නම් ග්‍රස්ථිය නියුරෝෂියාව ලෙස හඳුන්වයි.
මෙම රෝගී තත්වයේ ප්‍රධානත ම රෝග ලක්ෂණය වන්නේ එක ම කාර්යය අනවශ්‍ය ලෙස කිහිපවරක් පුනපුනා කිරීම යි.
මෙම රෝගී තත්ත්වයේ දී සිතට ඇතුළු වන සිතිවිලි ප්‍රියජනක නොවන අතර එම සිතිවිලිවලින් මිදීමට හැකියාවක් නැතිමුත් එම සිතිවිලි උදාසීන කර ගැනීම සදහා විවිධ ක්‍රියාකාරම්හි මේ අය අධික ලෙස නියැළෙති.
O.C.D ප්‍රධාන ව කොටස් දෙකක් ඔස්සේ සිදුවේ. එකක් නම් කරදරකාරී සිතිවිලි ඇති වීමයි. මෙසේ ඇති වන කරදරකාරී සිතිවිලිවල අන්තර්ගතය පුළුල් ලෙස වෙනස් විය හැක. නමුත් පොදුවේ ඇති වන සිතිවිලි කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.
අපිරිසුදුකමට හෝ අපිරිසිදු වීමට ඇති බිය.
අසාමාන්‍ය පිළිවෙළ.
වැරදීමකින් තමන්ට හෝ අන් අයට හානියක් වේ යැයි ඇති බිය.
සාමාජීය වශයෙන් සිදු නො කළ යුතු ක්‍රියාකාරම් සිදු කිරීමට සිත් වීම.
අනවශ්‍ය දේවල් පිළිබඳව සිතීම.
සමාජීය වශයෙන් පිළිගත නොහැකි ලිංගික සිතිවිලි.
ප්‍රචණ්ඩකාරී සහ වරදකාරී සිතිවිලි.
දෙවැන්න සිතිවිලිවලට අනුරූපගත ව ඇති වන ක්‍රියාකාරකම් ය. මෙහිදී සිදුවන්නේ ඇතිවන කරදරකාරී සිතිවිලි අඩු කිරීමට හෝ වළක්වා ගැනීමට දරන වෑයමකි. එසේ ඇති වන සිතිවිලි උදාසීන වන තෙක් ම කිහිපවරක් එම ක්‍රියාකාරකම්වල අධික ව මේ අය නිරත වේ. එසේ O.C.D වැලඳුණු පුද්ගලයෙක් සිදු කරන පොදු ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වේ.
තම දෑත්, දෙපා සහ බඩුමුට්ටු නිතර සේදීම.
නිශ්චිත අනුපිළිවෙළක් ඔස්සේ ක්‍රමානුකූලව ආහාර ගැනීම.
තමන් අන් අයකුට හානියක් කර නොමැති බව පරීක්ෂා කිරීම.
වසා ඇති දොරවල්, අගුළු සහ උදුන් වැනි ඇතැම් දේවල් නැවත නැවත ගොස් පරික්ෂා කිරීම.
යම් කාර්යයක නිරත වන අතර වාරයේ ගණන් කිරීම හෝ යාච්ඤා කිරීම හෝ එකම වචනයක් පුනපුනා උච්චාරණය කිරීම.
තමා ආදරය කරන පුද්ගලයෙක් කරදරයක වැටී ඇතැයි මනසින් චිත්‍ර රූප මවා, එම පුද්ගලයාගෙන් ඒ බව විමසීම.
මූල්‍ය වටිනාකමක් නොමැති දේවල් එකතු කිරීම හෝ එක ම අයිතමය කිහිප වරක් මිලදී ගැනීම.
O.C.D සඳහා ප්‍රතිකාර කිරීම ඉතා පලදායී මට්ටමක පවතින අතර ප්‍රතිකාර ලබන බොහෝ දෙනා සම්පූර්ණයෙන් ම සුවය ලබන බවට ද වාර්තා වේ. මෙහිදී O.C.D සදහා ප්‍රතිකාර කිරීමට ඖෂධ මෙන්ම මනෝ චිකිත්සාව ද යොදා ගැනේ.
ඔබ O.C.D අක්‍රමිකතාවට මුහුණපා සිටින අයෙක් නම් ඔබ පළමුව O.C.D වලට ප්‍රතිකාර කිරීමේ පලපුරුද්ද ඇති චිකිත්සකයකුගෙන් උපකාර ලබා ගන්න. අදාළ සායනවලට පෙනී සිට ඔබට නිර්දේශිත ඖෂධ නියමිත ව ලබා ගන්න.
එවිට ඔබේ ආතති හැඟීම් ලිහිල් කිරීමට පහසුවක් වනු ඇත. ඔබේ ආදරණීයන් සදහා විවෘත වන්න. එමඟින් ඔබේ ඔබේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර ගත හැක. මිට අමතර ව, හුස්ම ගැනීමේ අභ්‍යාස, භාවනා ක්‍රම සහ සිහිය පිහිටුවා ගැනීම සදහා ක්‍රම ශිල්ප භාවිත කරන්න.
501 Views
Comments