මේක තමයි මව්කිරි දෙන මාසය

මව්කිරි දීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මව්කිරි දීම සහ එහි වාසි පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම අගෝස්තු 01 සිට 07 දක්වා ලෝක මව්කිරි දීමේ සතිය සමරනු ලබයි.
මෙවර ලෝක මව්කිරි දීමේ සතියේ තේමාව වශයෙන් “වැඩට යන දෙමාපියන්ට සහනදායී වෙනසක් - මව්කිරි දෙන්න සවියක්” යන්න යොදාගෙන ඇත.
2023 ලෝක මව්කිරි දීමේ සතියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය ප්‍රකාශයට පත්කර ඇත.
ඉපදී පළමු පැය තුළ ඉක්මණින්ම දරුවාට මවුකිරි දීම ආරම්භ කිරීම, පළමු මාස 06 තුළ දරුවාට අවශ්‍ය වන සෑම විටකම මවුකිරි පමණක් ලබාදීම මෙන්ම වයසට නිසි අමතර ආහාර සමග වයස අවුරුදු 02 ක් හෝ ඊට වැඩි කාලයක් මවුකිරි ලබාදීම වැදගත් වේ.
478 Views
Comments