දින 02 කට වඩා උණ නම් වෛද්‍යවරයෙකු හමුවන්න.
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

දින 02 කට වඩා උණ නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

දින 02 කට වඩා උණ නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

යම් අයෙකුට දින 02 ක් ඉක්මවා උණ පවතීනම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා අවධාරණය කරයි.



ඒ මහතා පෙන්වා දෙන්නේ උණ රෝග ලක්ෂණ සහිත රෝග කිහිපයක් මේ වනවිට පැතිර යමින් ඇති බැවින් දින 02 කින් පසුවද උණ රෝගියෙකු කල් බලමින් සිටීම හේතුවෙන් එම පුද්ගලයාගේ ජීවිතය අනතුරේ හෙලීමට වුවද හැකියාව ඇති බවයි.



එසේම විවිධ හේතු ඉදිරිපත් කරමින් තමන් හෝ තම පවුලේ සාමාජිකයින්ගේ අදහස අනුව වෛද්‍යවරයෙකු හමුවීම හා රුධිර පරීක්ෂණ සිදු කර ගැනීම ඇතැම් රෝගීන් විසින් අතපසු කරමින් සිටින බවද පෙන්වා දෙන වෛද්‍යවරයා ජනතාව ලෙස මේ පිලිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව අවධාරණය කර සිටී.

views

317 Views

Comments

arrow-up