මොනවද මේ ස්වායු ශ්වසක ව්‍යායාම?
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

මොනවද මේ ස්වායු ශ්වසක ව්‍යායාම?

මොනවද මේ ස්වායු ශ්වසක ව්‍යායාම?

ස්වායු ශ්වසක ව්‍යායාම පන්තියකින් බලාපොරොත්තු වෙන්නේ හෘදවස්තුවේ සහ පෙණහලු වල ස්ථායිතාව තබාගැනීම. එවිට හෘදය හොඳින් වැඩ කරනවා. රුධිරය ගමන් කරන නාල විස්තාරණය වෙනවා. එතකොට හෘදවස්තුවට හොඳින් රුධිරය සපයනවා. මේ නිසා රුධිර නාලවල පවතින කොලොස්ට්‍රෝල් අඩුවෙලා රුධිර නාළවල රුධිර ගමනාගමනය වැඩි වෙනවා. ඒ විතරක් නොවෙයි මොළය කරා රුධිරය ගමන් කිරීම වැඩි වෙනවා. කොහොමත් වයසත් එක්ක මොළයට ලේ ගමනාගමනය අඩු වෙලා ඇල්සයිමර් වැනි රෝග ඇති වෙන්න පුළුවන්. නමුත් cardio exercise වල තිබෙන ප්‍රධානම වැදගත්කම වන්නේ හෘද වස්තුවේ සහ පෙනහළුවල ස්ථායිතාව පවත්වා ගැනීමයි.

සාමාන්‍යයෙන් අප එදිනෙදා කරනු ලබන ඇවිදීම දිවීම බයිසිකල් පැදීම පිහිනීම ආදී ව්‍යායාම cardio exercise ගණයට වැටෙනවා. අවම වශයෙන් දවසක මිනිත්තු තිහක්වත් මෙම ව්‍යායාම කළ යුතුයි. ඒ අනුව ලයිට් ඉන්ටෙන්සිටි, මොඩරේට් ඉන්ටෙන්සිටි, විගරස් ඉන්ටෙන්සිට ලෙසින් ව්‍යායාම වර්ග හඳුන්වන්න පුළුවන්. කතා කරමින් ඇවිදිනවා නම් ලයිට්. ඇවිදින ගමන් කතා කරනකොට වචන පැටලෙනවා නම් මොඩරේට්. කතා කරන්න බැරි තරමට හති දමමින් ඇවිදිනවා නම් විගරස් ලෙස ඔවුන් වර්ග කරනවා.

සාමාන්‍යයෙන් ඇවිදිනකොට වේගයෙන් ඇඟට දැනෙන්න ඇවිදින්න ඕන. ඒ අනුව නිසි ව්‍යායාම සිදු වන්න නම් සිදු වන්න නම් මොඩරේට් ඉන්ටෙන්සිටි ව්‍යායාම කරන්නට ඕන.

කොහොමත් ඇවිදිනකොට මිනිත්තු 30ක් එකවර ඇවිදගෙන යන්න බැරිනම් ඒ කාලය දෙක තුනකට කඩලා ඇවිදීම කළත් ගැටළුවක් නැහැ. අවශ්‍ය වන්නේ ඇගට දැනෙන්න ඇවිදින එක. ඒ මිනිත්තු 30 වැදගත් වෙන්නේ ශරීරය ස්ථායීව පවත්වාගෙන යන්න. ඇත්තටම කෙනෙකුට තමන්ගේ කැලරි දහනය කරගන්න ඕනේ නම් තරබාරු බව අඩු කර ගන්න ඕන නම් මිනිත්තු තිහකට වඩා වැඩි කාලයක් ඇවිදින්න ඕන. මොකද එහෙම වුණොත් තමයි ශරීරයේ තැන්පත්ව තිබෙන අනවශ්‍ය මේදය දහනය කරන්න හැකියාව ලැබෙන්නේ.

මේ ව්‍යායාම කරගෙන යන මුල් දවස්වල දණහිස් කැක්කුම එන්න පුළුවන්. ඒත් දිගින් දිගටම ඇවිදිනකොට කැක්කුම අඩු වෙලා යම් ප්‍රමාණයකින් කාටලේජ වර්ධනයක් දකින්නට පුළුවන්. ඒත් අධික තරබාරු අයෙක් නම් මුලින්ම දණහිස් වලට ලොකු බරක් නොදෙන ව්‍යායාමයේ යෙදීම තමයි හොඳම වෙන්නේ.

වගේම පිහිනන්න පුළුවන් නම් එයත් හොඳ ව්‍යායාමක්. එතකොට දණහිස් වලට බරක් දැනෙන්නෙත් නැහැ. මාසයක් දෙකක් ඒ විදිහට ව්‍යායාම කරලා පාදයේ මාංශපේෂි ශක්තිමත් වුණාට පස්සේ අපිට ඇවිදින්න ගන්න පුළුවන්. වයස් ගත වීමත් සමඟ මේ වගේ ස්වායු ශ්වසක ව්‍යායාම වලට ඔබේ කාලය වෙන්කරන්න පුරුදු වෙන්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source: Internet

views

345 Views

Comments

arrow-up