මේකප් කිරීමේදී නැතුවම බැරි ෆවුන්ඩේෂන්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

මේකප් කිරීමේදී නැතුවම බැරි ෆවුන්ඩේෂන්

මේකප් කිරීමේදී නැතුවම බැරි ෆවුන්ඩේෂන්

තමන්ගේ රූපය පිළිබඳ සැලකිලිමත් වන කාන්තාවන් සතුව makeup පිළිබඳව ඇත්තේ විශාල උනන්දුවක්. කාන්තාවන් විසින් මේකප් එකක් සිදු කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ තමාගේ තිබෙන ලස්සන තව තවත් වර්ධනය කර ගැනීමයි. රූපලාවන්‍යාගාරයකට නොයා තමන්ට තනිවම මේකප් එකක් දමා ගත හැකි ආකාරය පිළිබඳව සෑම යුවතියකටම මූලික අවබෝධයක් ලබාගත හැකි නම් එය කාලය මෙන්ම මුදල් ද ඉතිරි කර ගත හැකි ක්‍රමයකි.

 

මේකප් කිරීමේදී මුලිකවම වැදගත් වන්නේ ෆවුන්ඩේෂන් එකයි. තමන්ට සුදුසු ෆවුන්ඩේෂන් එකක් තෝරාගැනීමේදී වයස, රැකියාව, අඳින ඇඳුම, උත්සව අවස්ථාව, සමේ ස්වභාවය ආදී සෑම කරුණක් පිළිබඳවම සැලකිලිමත් විය යුතුයි. තික් ෆවුන්ඩේෂන්, ක්‍රීම් ෆවුන්ඩේෂන්, කේක් ෆවුන්ඩේෂන් ලෙස වෙළෙඳ පොළේ ප්‍රධාන වශයෙන් ෆවුන්ඩේෂන් වර්ග තුනක් දක්නට ලැබෙන බව ඔබ දන්නවාද. මෙම ෆවුන්ඩේෂන් වර්ග තුනම භාවිතා කළ යුත්තේ කාන්තාවන්ගේ සමේ ස්වභාවය අනුවයි. තෙල් සමක් ඇති කාන්තාවකට නම් thick සහ කේක් ෆවුන්ඩේෂන් වර්ග දෙකම සුදුසුයි. වියලි සමට වඩාත් සුදුසු වන්නේ cream ෆවුන්ඩේෂන් එකයි. මිශ්‍ර සමට මේ වර්ග තුනම සුදුසුයි.

 

 

මෙම නිෂ්පාදන තෝරා ගැනීමේදීද දේශීය නිෂ්පාදන වෙත අවධානය යොමු කිරීමට සැලකිලිමත් විය යුතුයි. මේ වන විට වෙළඳපොලේ විවිධ නම් රාශියකින් රූපලාවණ්‍ය නිෂ්පාදන දක්නට ලැබේ. බොහෝ නිෂ්පාදන විදෙස් රටවලින් ආනයනය කරන ලද ඒවාය. මෙම නිෂ්පාදන මෙරට කාන්තාවන්ගේ සමට සුදුසු නැත. ශ්‍රී ලංකාවේ උෂ්ණාධික රටක් නිසා සමහර ෆවුන්ඩේෂන් ආලේපකර මඳ වේලාවකින් පෙරීමට ලක්විය හැකිය. මේ නිසා සෑම විටම තමන් තෝරාගන්නා නිෂ්පාදනය මෙරට උෂ්ණත්වයට ඔරොත්තු දෙන එකක් විය යුතුය. එසේම තමන් සහභාගී වන්නේ දිවා කාලයේ උත්සවයකට නම් ෆවුන්ඩේෂන් අඩුවෙනුත් රාත්‍රී කාලයේ නම් ඊට සුදුසු පරිදි ආලේප කිරිමට ද මතක තබා ගන්න.

 

ෆවුන්ඩේෂන් එක ආලේප කර එය සීල් කර ගැනීම සඳහා powder එකක් භාවිතා කළ යුතුයි. නිවැරදි ආකාරයෙන් ඔබේ සමට ගැළපෙන ෆවුන්ඩේෂන් තෝරාගනිමින් මේකප් එකක් සිදුකර ගැනීමට හැකියාවක් පවතී නම් ඔබට වඩාත් ආකර්ෂණීය සුන්දර පෙනුමක් ලබාගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. සමහර කාන්තාවන් තමාගේ සමට නොගැළපෙන ආකාරයේ foundation තෝරා ගැනීම තුළින් තමාගේ පවතින සුන්දරත්වය පවා අහිමි කර ගැනීමක් සිදුවී ඇති අවස්ථා ඔබ දැක ඇති. ඔබ රූපලාවණ්‍යාගාරයකට යන්නේ නම් ඔබගේ සමට ගැලපෙන foundation තෝරා ගැනීමට ඔබගේ රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියට නිවැරදි අවබෝධයක් තිබීම ද ඉතාමත් වැදගත්. මේකප් එකක පදනම වන්නේ එහි foundation එකයි. එමනිසා එය නිවැරැදිව යොදා නොගත්තේ නම් ඔබට නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වනු ඇත.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

494 Views

Comments

arrow-up