උෂ්ණත්වය අධික නිසා කම්පන තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්

මෙම දිනවල පවත්නා දරාගැනීමට නොහැකි අධික උෂ්ණත්වය හේතුවෙන් මිනිසුන් අතර කම්පන තත්ත්වයන් ඇතිවිය හැකි බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය පැවසුවාය.
මේ දින වල සිරුර සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසද, විශේෂයෙන්ම කපු ඇඳුම් අඳින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනිය තදවුණු ඇඳුම් නොව බුරුල් ලා පැහැති ඇඳුම් අඳින ලෙසද අවදාරණය කළාය.
නිරන්තරයෙන්ම පිපාසයට ජලය පානය කරන ලෙසද උණු කර නිවාගත් ජලය පානය කිරීම ඉතාමත් වැදගත් බවද කියාසිටි පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය දැඩි අවු රශ්මිය ඇති විට හැකි තරම් ආරක්ෂිතව සිටිනා ලෙසද පැවසුවාය.
495 Views
Comments