ආඝාතය ගැන දැනුවත්ද?

ආඝාතය හෙවත් stroke යනු මොළයට ලේ සැපයුම ඇනහිටීම හේතුවෙන් මොළයේ සෛල මැරී යාම නිසා ඇතිවන අවදානම් තත්ත්වකි.
මෙය ජීවිත අවදානමක් සහිත තත්ත්වයක් ලෙස හැඳින්විය හැකි අතර වසරකට මිලියන 13 ක් පමණ ආඝාත තත්ත්වයට පත්වෙති.
ආඝාත තත්ත්ව දෙවර්ගයක් හඳුනා ගත හැකිය. හෙමොරෝජික් තත්ත්වය යනු මොළයේ රුධිර නාලිකාවක් පිපිරීම හේතුවෙන් මොළයට ලේ ගැලීමක් සිදු වීමය. ඉස්කීමික් තත්ත්වය යනු මොළයේ රුධිර සැපයුම අවහිර වීම නිසා ඇතිවන ආඝාත තත්වයකි.
ආඝාත තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද?
-- මුහුණ එක පැත්තක් එල්ලා වැටීම.
-- අත්වල දුර්වල බව සහ අත් ඔසවා ගැනීමට නොහැකි වීම.
-- කතා කිරීමේ අපහසුව සහ වචන පැටලීම දැකිය හැක.
ඔබගේ ඥාතියෙකු හෝ සමීපතමයෙකු මෙවැනි රෝග ලක්ෂණ වලින් පෙළෙන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් වේ.
597 Views
Comments