තනි වෙන්න ඉඩ දෙන්න කියා වැළපෙන්නට ඉඩ හැර ගායක අජිත් ආරියරත්න දිවි සැරිය නිමා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

තනි වෙන්න ඉඩ දෙන්න කියා වැළපෙන්නට ඉඩ හැර ගායක අජිත් ආරියරත්න දිවි සැරිය නිමා කරයි

තනි වෙන්න ඉඩ දෙන්න කියා වැළපෙන්නට ඉඩ හැර ගායක අජිත් ආරියරත්න දිවි සැරිය නිමා කරයි

රෝගී තත්ත්ව­යක් හේතු­වෙන් ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පෙරේදා (21) අභා­ව­ප්‍රාප්ත වූ ගායන ශිල්පී අජිත් ආරි­ය­රත්න මහ­තාගේ අව­සන් කට­යුතු නිය­ද­ගල පොදු සුසාන භූමි­යේදී අද (23) පස්වරු 2.00ට සිදු කෙරේ.

 

ජන­ප්‍රිය සරල ගීත ගාය­ක­යකු වු ඒ මහතා මිය යන විට 59 වැනි වියේ පසු­විය.



'තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිත­ටයි', 'හද­ව­තින් සෙනෙ­හස පුරා', 'මා ගයන ගීතයේ', 'ඔබ වෙනු­වෙන් මේ ලෝකයේ', 'රැයක දුටුව සිහි­න­යක් ලෙසින්', 'දයා­බර දිලූ කියා' ආදී ජන­ප්‍රිය ගීත රැසක් ගායනා කළ ඒ මහතා ගුව­න්වි­දු­ලියේ සරල ගී ගාය­ක­යකු ලෙස ජනා­ද­රය දිනා ගත්තේය. කලක් එළි­ම­හන් සංගීත ප්‍රසංග සඳහා නැතු­වම බැරි ගායන ශිල්පි­යකු ලෙස ද ඔහු ප්‍රක­ටව සිටි­යේය.



දෙදරු පියකු වූ අජිත් ආරි­ය­රත්න මහ­තාගේ දේහය මේ වන විට හෝමා­ගම, පිටි­පන ඉන්ද්‍රා මල් ශාලාවේ තැන්පත් කර ඇත.

views

259 Views

Comments

arrow-up