ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට ඇත්තම හේතුව මොකක්ද? - රටම කැළඹූ වෙඩි තැබීම ගැන ඇසෙන වෙනස්ම කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට ඇත්තම හේතුව මොකක්ද? - රටම කැළඹූ වෙඩි තැබීම ගැන ඇසෙන වෙනස්ම කතාව

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට ඇත්තම හේතුව මොකක්ද? - රටම කැළඹූ වෙඩි තැබීම ගැන ඇසෙන වෙනස්ම කතාව

ඔහුගේ ඒ සිද්ධිය ගැන විවිධ තොරතුරු  අහන්න දකින්න ලැබුණා..

 

ඒ අතරින් ඇතැම් තොරතුරු ආන්දෝලනාත්මක ඒවා වුණා.. ඩෑන් ප්‍රියසාද්ගේ මරණය ගැන ඇසෙන මේ කතාව මොකක්ද..?



"මෙවර පළාත් පාලන මැතිවරණයේ කොලොන්නාව නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් මඟින් හෙළි කරගෙන තිබෙනවා..



ඒ අනුව මෙම ඝාතනය සිදුව ඇත්තේ පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස බව පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා..



මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු තිදෙනකු ඊයේ (23) වන විට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා..



ඩෑන් ප්‍රියසාද්, වෙඩික්කරුවන්ගේ ගොදුරක් බවට පත් වන්නේ සිය බිරියගේ සහෝදරිය විසින් සංවිධාන කළ සාදයකට සහභාගි වීමට කොලොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයට ගොස් සිටියදීයි. හය වැනි මහලේ නිවෙසක පැවති එම සාදයට සහභාගි වීමට ඩෑන් ප්‍රියසාද් ගොස් ඇත්තේ මීතොටමුල්ලේ සිට බව සඳහන්. ඒ සිය බිරිය හා දරුවන් දෙදනා සමඟිනි. මේ සාදය ඩෑන් ප්‍රියසාද් විසින් බිරියගේ සහෝදරියගෙන් ඉල්ලා සිටි සාදයක් බව පොලීසිය සඳහන් කළා. මේ සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් ඩෑන් ප්‍රියසාද්ගේ බිරියගේ සහෝදරියගෙන් දීර්ඝ ලෙස තොරතුරු විමසා ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළා. ඇගෙන් ඒ සම්බන්ධයෙන් පොලීසිය තොරතුරු විමසා ඇත්තේ ඇය පොලිස් භාරයේ තබාගෙන බව ද සඳහන්.



මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර සාදයට පැමිණි දෙදෙනකු ද සිටින බව පොලීසිය සඳහන් කළා.



මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකය එල්ල වී ඇත්තේ පිය – පුතු දෙපළක් වෙතයි.. 2022 වසරේ ජූනි 25 වැනිදා ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති එම පිය පුතු දෙපළ ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බවට අනාවරණයි වී තිබෙනවා.. ඔවුන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනමක් ද ඊයේ අධිකරණයෙන් ගැනීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා..



සිය සහෝදරයා ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන්ට ත්‍රිරෝද රථයක් දුන් බව කියන පුද්ගලයකු සමඟ ද ඩෑන් ප්‍රියසාද් යම් ආරවුලක පැටලී සිට ඇති බවට තොරතුරු ද පොලීසියට ලැබී ඇති අතර, එම පුද්ගලයා සම්බන්ධයෙන් ද පොලීසිය විමර්ශන සිදුකරනු ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබුණා..



මෙම ඝාතනය සිදු කර ඇත්තේ ඩෑන් ප්‍රියසාද් නිවාස සංකීර්ණයට පැමිණ සාදයේ සිටින බවට යම් පුද්ගලයකු විසින් වෙඩික්කරුට හෝ මෙම ඝාතනයේ සැලසුම්කරුට දුන් දුරකතන ඇමතුමකට අනුව බව පොලීසිය සැක කරනවා... ඇතැම් විට එම සාදය පැවති ස්ථානයේ හෝ ඒ ආසන්න ස්ථානයක රැඳී සිටියකු ඊට සම්බන්ධව සිටින්නට ඇති බව සැකකරන පොලීසිය දුරකතන ජාල පරීක්ෂාවක් ඔස්සේ එම පුද්ගලයා හඳුනා ගැනීමට ද විමර්ශන පවත්වනු ලබනවා..



පාතාලයේ ප්‍රබල අපරාධකරුවකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාලයේ අපරාධකරුවන් රැසකට එරෙහිව පසුගිය කාලයේ ඩෑන් ප්‍රියසාද්ගේ නායකත්වයෙන් කොළඹදී විරෝධතාවක් ද පවත්වනු ලැබ ඇති අතර, එම විරෝධතාවයේදී ඩෑන් ප්‍රියසාද් විසින් කංජිපානි ඉම්රාන් ඇතුළු විදේශගතව සිටිමින් අපරාධවල නිරතව සිටින පාතාලයේ ප්‍රබලයන් කිහිප දෙනකුව විවේචනය ද කරනු ලැබ තිබුණා.. එම සිදුවීමෙන් අනතුරුව ඔහු ඩුබායි බලා ගොස් එහි කෙටි කාලයක් රැඳී සිටියා.. ඩුබායිහිදී අනතුරකට ලක්ව ජීවිතයට හානියක් වූ බවට ද එකල කියැවුණා...

දිනමිණ

views

183 Views

Comments

arrow-up