අනියම් පෙම නිසා ගිනියම් වූ යතුරුපැදිය කොටගලම රත්කරයි

අනියම් පෙමක් දුර දිග යෑම හේතුවෙන් යතුරුපැදිකරුවෙකුට තියුණු ආයුධයකින් පහරදී ඔහුගේ යතුරුපැදිය ගිනි තැබූ සැකකරුවන් දෙදෙනෙකු දිඹුලපතන පොලිසියට භාර වී තිබෙනවා.
තුවාල ලැබූ යතුරුපැදිකරු හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කොටගල ප්‍රදේශයේම කාන්තාවක් සමග මීට වසර පහකට පමණ ප්‍රථම නීත්‍යානුකූලව විවාහ වී ඇති බව සඳහන්.
තුවාලකරු කොටගල ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එයට විරුද්ධ වූ නීත්‍යානුකූල බිරිඳට අලවංගුවකින් හිසට පහර දී තිබෙනවා.
එම පහරදීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල බිරිඳ, ඇයගේ පවුලේ සාමාජිකයන් සහ සැමියා ඊයේ දිඹුලපතන පොලිසියට කැඳවා ඇති අතර, එහිදි සැමියා විසින් සිය බිරිඳ සමග සමගියෙන් සිටින බවට පොරොන්දු වී ඇති බවටයි වාර්තා වෙන්නේ.
පොලිසියෙන් පිටතට පැමිණි සැමියා සිය අනියම් බිරිද සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ඡායාරූප ගිනිමින් සිටියදී නීත්‍යානුකූල බිරිඳගේ සහෝදරයන් විසිනුයි මෙසේ තියුණු ආයුධයකින් පහරදී ඇත්තේ.
එමෙන්ම මාමණ්ඩිය විසින් ඔහුට ලබා දුන් යතුරුපැදිය ද එම ස්ථානයේදීම ගිනි තබා සැකකාර සහෝදරයන් දෙදෙනා පොලිසියට භාර වූ බවයි දිඹුලපතන පොලිසිය පවසන්නේ.
තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඹය මූලික රෝහල වෙත යොමුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුලපතන පොලිසිය සඳහන් කරනවා.
මේ අතර, යතුරුපැදිය ගිනි තැබීම හේතුවෙන් කොටගල උමං මාර්ගය අසල දැඩි වාහන තදබදයක්ද ඇති වී තිබුණා.
151 Views
Comments