“අම්මේ, අම්මා කලබල වෙන්න එපා. මම යනවා” - ලිපියක් ලියා අවසන් ගමන් ගිය සරසවි සිසුවා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ පරිගණක විද්‍යා අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු කඩුගන්නාව, පිළිමතලාව, පරකැටවැල්ල, ගිරාගම සිය නිවස ආසන්නයේ තේ වත්තක පිහිටි ගසක එල්ලී දිවි නසාගෙන තිබේ.
ඔහුගේ මළසිරුර විසිතුන් වැනිදා උදේ සොයාගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.
“අම්මේ… අම්මා කලබල වෙන්න එපා. මම යනවා” යනුවෙන් සඳහන් කළ ලිපියක්ද මෙම සිසුවාගේ කාමරයේ තිබී සොයාගෙන ඇත.
මෙලෙස දිවි නසාගෙන ඇත්තේ මහලේකම් පයින්දකාර ගෙදර හේෂාන් මිනෝල්ෂ මහ ලේකම් නමැති 22 හැවිරිදි සිසුවෙකි. ඔහුගේ මව පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරියක බව පොලිසිය කියයි. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ එම සිසුවා නිරන්තරයෙන්ම ජංගම දුරකථන පරිහරණය කර ඇති බව පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
ඔහු වැඩි සමාජ ආශ්‍රයක් නොතිබුණු කෙනකු බවද පොලිසිය සඳහන් කරයි. සිද්ධිය වීමට පෙර දින රාත්‍රී එකොළහට පමණ දෙමාපියන් සිසුවාගේ කාමරය බැලීමේදී ඔහු එහි සිට නැත. ඉන්පසු සිසුවාගේ වැඩිමහල් සොයුරා මේ පිළිබඳව කඩුගන්නාව පොලිසියට පැමිණිලි කර තිබේ.
පොලිසිය පැමිණ පරීක්ෂා කර බැලීමේදී තේ වත්තේ ගසක එල්ලෙමින් තිබූ මළසිරුර සොයාගෙන ඇත. එය කටු තිබෙන ගහක් බවත්, සිරුරේ තුවාල කැලැල් තිබූ බවත් පොලිසිය කියයි. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය හේතුවෙන් මෙම සිසුවා මාස 02ක පමණ කාලයක් නිවසේ ගතකර තිබෙන බව පොලිසිය පවසයි.
මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කසුන් ඒකනායක මහතා විසින් සිදුකර තිබේ.
ඉදිරිපත් වූ සාක්කි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක සේනක කරුණාරත්න මහතා මෙය ගෙල වැළලා ගැනීමෙන් සිදු වූ මරණයක් බවට තිරණය කළේය.
566 Views
Comments