පියා ත්‍රීවිලරය පදවද්දී ආදරයට බෙල්ලේ එල්ලු‍ණ සිඟිත්තියට අත්වූ ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

පියා ත්‍රීවිලරය පදවද්දී ආදරයට බෙල්ලේ එල්ලු‍ණ සිඟිත්තියට අත්වූ ඉරණම

පියා ත්‍රීවිලරය පදවද්දී ආදරයට බෙල්ලේ එල්ලු‍ණ සිඟිත්තියට අත්වූ ඉරණම

ත්‍රිරෝද රථය පද­ව­මින් සිටි පියාගේ ගෙලෙහි දැරි­යක ආද­ර­යට එල්ලීමට යාමේ සංසිද්ධියක් හේතු­වෙන් පියාට ත්‍රිරෝද රථය පාල­නය කිරී­මට නොහැ­කිව විදුලි කණු­වක ගැටී සිදු වූ අන­තු­ර­කින් එම වයස අවු. එකහමාරක්වූ දැරිය මිය ගොස් පියාගේ පාදය බිඳීයාමේ කණගාටුදායි පුවතක් දිවු­ල­පි­ටියෙන් වාර්තාවේ.

 

සිද්ධිය වූ දිනයේ මිය­ගිය දැරියගේ මිත්තනිය හා පියා සමඟ මවද ත්‍රිරෝද රථ­යෙන් මීග­මු­වට ගොස් තිබූ අතර මව රැකි­යා­වට යාම සඳහා මීග­මු­වෙන් බැස තිබුණි.

 

අනතුරුව මිත්තණිය හා දැරිය ත්‍රිරෝද රථයේ පිටු­පස අසු­න්ගෙන නිවස කරා පැමිණෙමින් සිටියදී පියා ත්‍රිරෝද රථය පද­වන ඉදිරිපස අසුන වෙතට දැරිය සිය දෑත් යොමු කර එක­ව­රම පිටු­පස සිට පියාගේ ගෙල බදා­ගෙන ඇති බවත් එම අව­ස්ථා­වේදී පියාට රථය පාල­නය කර ගත නොහැකි වී මාර්ග­යෙන් ඉව­තට ඇදී ගොස් විදුලි කණු­වක ගැටුණ බවත් වාර්තාවේ.

 

ඒ සම­ඟම දැරිය විසි වී ඇති බව පොලි­සිය සිදු කළ විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.
අනතුරින් බරපතල තුවාල ලද දැරිය මියගියාය. පියා වැඩි­දුර ප්‍රති­කාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතු­ළත් කර ඇත. මිත්තණියටද සුළු තුවාල සිදුව ඇත.

 

අන­තු­රින් මිය­ගොස් ඇත්තේ එම්.ජී. හාන්‍යා හෙසල් ප්‍රනාන්දු නමැති වයස අවු­රුදු එක­හ­මා­රක දැරි­යකි.



මීගමුව සිට මරදගහමුල දෙසට අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය විදුලි කණුවක ගැටී අනතුර සිදුවන ආකාරය අසල්වාසීන්ද විස්තර කර තිබේ.

 

අනතුරින් පසු පියාගේ එක් පාදයක් බිඳී තුවාලවී ඇති අතර දියණිය එම ස්ථානයේම මියගොස් ඇති බව වාර්තා විය.



මෙලෙස අනතුරට ලක්වූ පවුල කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් තුවාල ලැබූ පියා මේ වන විට මීගමුව  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා විය.

 

views

910 Views

Comments

arrow-up