සුපිරි නලු අමීර් ඛාන්ගේ ආන්දෝලනාත්මක වීඩියෝව ව්‍යාජ එකක් බව හෙළිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

සුපිරි නලු අමීර් ඛාන්ගේ ආන්දෝලනාත්මක වීඩියෝව ව්‍යාජ එකක් බව හෙළිවෙයි

සුපිරි නලු අමීර් ඛාන්ගේ ආන්දෝලනාත්මක වීඩියෝව ව්‍යාජ එකක් බව හෙළිවෙයි

පහුගිය දවසක අමීර් ඛාන්ගේ වීඩියෝවක්, දැඩි අවදානයක් දිනාගනිමින් අන්තර්ජාලය පුරා හුවමාරු වෙන්න ගත්තා.

 

ඊට ඉහළ අවදානයක් යොමුවෙන්න හේතුවෙලා තිබුණෙ එය දේශපාලන මුහුණුවරක් ගත් එකක් වීම.

 

එහෙමත් නැත්නම් කිසියම් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරන බවට චෝදනා එල්ල වන ආකාරයේ වීඩියෝවක් වීම නිසාවෙන්.

 

මැතිවරණයකට පෙරාතුව මෙවන් වීඩියෝවක් සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වීම, විශේෂයෙන්ම අමීර් ඛාන් වැනි අයෙක් සම්බන්ධ වීඩියෝවක් හුවමාරු වීම කොහොමත් කතාබහට ලක්වන කාරණාවක්නෙ.

 

ඉතින්, මේ සම්බන්ධව අමීර්ගේ නිල ප්‍රකාශකයා විසිනුත් පැහැදිලි කිරීමක් කරලා තිබුණා.

 

ඒ අදාළ වීඩියෝව ව්‍යාජ එකක් බව අවධාරණය කරමින්.

 

අමීර් ඛාන් සිය වසර 35ක වෘත්තිය ජීවිතය තුළ කිසිදු විටෙක දේශපාලන පක්ෂයක් අනුමත කර නොමැති බවයි, එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

 

කොහොම නමුත් මේ ව්‍යාජ වීඩියෝව සම්බන්ධයෙන් ඔහු මුම්බායි පොලිසියේ සයිබර් අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ද ගොනුකර ඇති බවයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කළේ.

 

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, වීඩියෝවේ දැක්වෙන්නේ සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් 'අපගේ මැතිවරණ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කොටස්කරුවෙකු වන්න' මැයෙන් කරනු ලබන ඉල්ලීමක්.

 

තත්පර 31ක වීඩියෝවේ අවසාන රාමුවේ කොංග්‍රස් පක්ෂ සංකේතයේ රූපයක් ද ඇතුළත්. ඒ විතරක් නෙවෙයි, 'කොංග්‍රසයට ඡන්දය දෙන්න’ යනුවෙන් පාඨයක් ද එහි වන බව සඳහන්.

 

කොහොම නමුත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ අදාල වීඩියෝව කෘත්‍රිම බුද්ධිය මඟින් නිපදවන ලද එකක් වන බව.

 

වීඩියෝව සම්බන්ධ, ඉන්දීය ඉදිරි මහ මැතිවරණය අප්‍රේල් 19 සිට ජූනි 1 දක්වා අදියර හතක් යටතේ පැවැත්වීමට නියමිතයි.

 

අමීර් ඛාන් පදිංචිව සිටින මුම්බායිවලින් සමන්විත මැතිවරණ කොට්ඨාශ හය මැයි 20 වැනිදා පස්වන අදියරේදී ඡන්දය ප්‍රකාශ කරනු ඇති.

 

එමෙන්ම එහි ප්‍රතිඵල ජුනි 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(ඉන්දීය මාධ්‍ය )

views

121 Views

Comments

arrow-up