දුෂ්කර ගමනක අවසානයේ ඔහු ලැබූ වත්කම තමයි මේ - බොලිවුඩයේ රජු, කිං ඛාන්ට ලැබුණු රසික ආදරය

මිනිස්සුන්ගේ ආදරය ලබන්න හැමෝටම පුළුවන්කමක් ඇත්තේ නෑ.
ජනප්‍රිය වුණා කියලා ලේසියෙන්ම ඒ ආදරය ලබන්නත් බෑ.
ඇත්තටම ඒකට වාසනාවක් තියෙන්න ඕනි. පිනක් තියෙන්න ඕනි...
බොලිවුඩයේ රජු, එහෙමත් නැත්නම් කිං ඛාන් අන්න එහෙම පින් කරපු චරිතයක්.
දුෂ්කර මාවත් රැසක් පහුකරගෙන ඇවිත්, අද ඔහු ලබා ඇති හැබෑම සාර්ථකත්වය තමයි මේ තියෙන්නෙ.
ඔව්... ඒ තමයි ෂාරුක් ඛාන් ඉපයූ වටිනාම වත්කම...
මේ අපූරු දසුන ඇස ගැටුණේ, ෂාරුක් මුම්බායි හි පිහිටි සිය නිවසේ සඳළු තලයට වී රසිකයින්ට ආචාර කළ වාර්ෂික සම්ප්‍රදායේදී.
සුදු පැහැති කුර්තාවකින් සැරසී සිටි ඔහු දහස් ගණනින් සිය නිවස වටා එක්කාසු වුණු රසිකයින් දෙසට අත වනමින්, හාදු පා කරමින් ඔවුන්ගේ ආදරයට පෙරළා ගෞරව කර තිබුණා.
ෂාරුක්ව සියැසින් දැකබලා ගත් රසික සමූහයාත් ඔල්වරසන් දෙමින්, විසිල් ගසමින්, ෂාරුක්ගේ රුව රැගත් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් හදවතේ තරුව වෙත ඇති අසීමිත ආදරය විදහා දක්වා තිබුණා.
“Eid Mubarak හැමෝටම...
මගේ දවස මේ තරම් විශේෂ කිරීම ගැන ඔබට ස්තුතියි...'' ඒ ෂාරුක් තමන්ට ලැබුණු ආදරය ගැන ඉන්ස්ටග්‍රෑම් හි තැබූ සටහන...
ෂාරුක් විතරක් ම නෙවෙයි සල්මන් ඛාන් ද මුම්බායි හි පිහිටි සිය නිවසේ සඳළු තලයට පැමිණ සිය රසික සමූහයා වෙත ආචාර කිරීමට මෙයාකාරයෙන් කටයුතු කර තිබුණා.
ඒ වගේම අමීර් ඛාන්, මේ වාර්ෂික සම්ප්‍රදාය සමරා තිබුණේ රසිකයින් අතර රසකැවිලි බෙදා දෙමින්.
සිය පුතුන් වන ජුනයිඩ් සහ අසාද් සමඟ එක්කාසුවයි ඔහු මෙලෙස Eid සමරා තිබුණේ.
533 Views
Comments