අජිත් රෝහණට දීමට තිබූ S/Dig තරුව නොලැබුණේ කැපිල්ලක් නිසාද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

අජිත් රෝහණට දීමට තිබූ S/Dig තරුව නොලැබුණේ කැපිල්ලක් නිසාද?

අජිත් රෝහණට දීමට තිබූ S/Dig තරුව නොලැබුණේ කැපිල්ලක් නිසාද?

ලැයිස්තුවේ සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කපමින් සෙසු නිළධාරින්ට පොලිසියේ පොලිස්පතිට පමණක් දෙවැනි වෙන තරුව පැලැන්දීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

 

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන රන්මල් කොඩිතුවක්කු, කිත්සිරි ජයලත් සහ රාජිත ශ්‍රී දම්මින්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇති අතර අජිත් රෝහණගේ නම ඉන් ඉවත් කොට තිබෙනවා.

 

කෙසේ නමුත් අජිත් රෝහණද එම උසස්වීම සඳහා පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර තිබුණත් උසස්වීම් සිදු කරන මණ්ඩලයේ තීන්දුවකින් ඔහුගේ උසස්වීම අත්හිටුවා තිබෙනවා.

 

අජිත් රෝහණට පොලිසිය තුළින්ම කැපිල්ලක් නිර්මාණය වී ඇති අතර ඔහුට සේවා උසස්වීමක් දීමට තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනක් අකමැති බවද වාර්තා වෙනවා.

 

ඒ ඊළඟ පොලිස්පති තනතුර සඳහා අජිත් ඒවියැයි යන සැකය නිසාය.

 

චන්දිමාල්ගේ උපන් දින සාදය හා පියුමිගෙ හැසිරීමෙන් පසුගිය කාලසීමාවේ පොලිසිය කුඩු පට්ටම් වූ අතර එය ගොඩ නැගීමට ගිය පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණටද මඩ එල්ල වීමද මෙම උසස්වීම් ප්‍රමාදයට එක් හේතුවක් ලෙසයි පොලොසියෙන් ඇසෙන්නේ.

views

1821 Views

Comments

arrow-up