“අම්මගෙයි අප්පච්චිගෙයි ජීවිතේ ලස්සන කරන්න ආව මගේ රත්තරංට සුබ උපන්දිනයක්” - පුතුගේ උපන්දිනය දා මුතූ තරංගාගෙන් ආදරණීය සටහනක් (PHOTOS)

මුතූ තරංගා කියන්නෙ මෙරට කලා ක්ෂේත්‍රය තුළ කාගෙත් ආදරය දිනූ අහිංසකාවියක්.
රංගනයට වගේම ගායනයටත් ඈ දස්කම් පාන විත්තිය ඔබ හොඳාකාරවම දන්නවනෙ.
කලක් පුංචි තිරය සැරසූ ඈ පසුකාලීනව දකින්න නොලැබුණු තරම්.
හැබැයි ඒ කාලය තුළ මුතූ ජයග්‍රහණ රැසක් තමන් සන්තක කරගෙන තිබුණා.
ලොකුම ජය තමයි, පුතෙකුට මවක් වී උතුම් මව් පදවියට උරුමකම් කීම.
ඒ වගේම මෑත කාලීනව ඈ, ව්‍යාපාර කටයුත්තකටත් මුල පුරනු ලැබුවා.
මුතූගේ මුළු ලෝකේම, ආදරණීය පුතා කියලා කිව්වොත් හරි.
අදට මේ හුරතල් පොඩ්ඩට අවුරුදු 3ක්.
ඉතින්, පුතුගේ උපන්දිනය වෙනුවෙන් මුතූ හරි ආදරණීය විෂ් එකක් අරන් ඇවිත් තිබුණා, ඡායාරූප ගොන්නක් එක්කම...
''අම්මගෙයි අප්පච්චිගෙයි ජීවිතේ ලස්සන කරන්න ආව මගේ රත්තරං පුතාර අදට අවුරුදු 3යි.
හැමදාම අපේ විෂ් එක පුතාගේ ජීවිතේ ලස්සනට විඳිනවා බලන්න මේ අම්මටයි අප්පච්චිටයි ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ කියලයි.
සුබ උපන්දිනයක් මගේ රත්තරනේ
බුදු සරණයි මගේ රත්තරං...''
3178 Views
Comments