වැටුණු දුරකථනය ගැනීමට කළ උත්සාහයකදී ගල්පර දෙකක් අතර සිරවූණු තරුණිය බේරාගත් දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියාවේ කඳු නැගීමකදී ගිලිහී ගිය සිය ජංගම දුරකථනය ලබාගැනීමට උත්සාහ කළ තරුණියක් ලිස්සා ගොස් ගල්පර දෙකක් අතර සිරවුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එලෙස සිරවුණු ඇය, එහි පැය කිහිපයක කාලයක් ගතකළ බව සඳහන්.
Matilda Campbell ලෙසින් නම් කර ඇති මෙම තරුණිය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, නිව් සවුත් වේල්ස් හි Hunter Valley ප්‍රදේශයේ ඇවිද යමින් සිටියදී මීටර් තුනක පමණ හිඩැසකට වැටීමෙනි.
පසුව ඇයව බේරාගැනීම සඳහා ක්‍රියාත්මක වුණු හදිසි සේවා නිලධාරීන්ට පැය හතක පමණ දුෂ්කරතාවකට මුහුණදීමට සිදුවුණු බවයි වාර්තා වන්නේ.
එම මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, නිව් සවුත් වේල්ස් ගිලන්රථ සේවයේ පරිපූරක වෛද්‍ය පීටර් වොට්ස් සඳහන් කර තිබුණේ, පරිපූරක වෛද්‍යවරයකු ලෙස ගෙවෙන සිය වසර 10 ක වෘත්තිය තුළ මෙවන් මෙහෙයුමක් සිදුකර නොමැති බවයි.
ගලවා ගැනීමේ නිලධාරීන් එහි පැමිණෙන මොහොත වන විටත් අදාළ තරුණිය පැයක පමණ කාලයක් තිස්සේ උඩු යටිකුරුව සිරව සිට ඇති බව සඳහන්.
ඇයව බේරාගැනීමට ඇගේ මිතුරන් ගත් මූලික උත්සාහයන් ද අසාර්ථකව තිබෙනවා.
කොහොම නමුත් පසුව හදිසි ගිලන් රථ සේවාවෙහි නිලධාරීන් විසින් සුළු සීරීම් සහ තැලීම් පමණක් සහිතව ඇයව සාර්ථකව බේරාගැනීමට සමත්ව තිබුණා.
නමුදු ඇගේ දුරකථනය ලබා ගැනීමට හැකියාවක් නොලැබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
316 Views
Comments