බැලුම් බෝලය පුංචි සිගිත්තාට මාරකයක් වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

බැලුම් බෝලය පුංචි සිගිත්තාට මාරකයක් වූ හැටි

බැලුම් බෝලය පුංචි සිගිත්තාට මාරකයක් වූ හැටි

නෙළුව කිනියාවල ධනවල ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි පාසල් දරුවකු බැලුම් බෝලයක් සිරවීමෙන් මිය ගොස් ඇති බැව් නෙළුව පොලිසිය පවසයි.

 

 

පෙරේදා (19 දා) පස්වරුවේ මියගිය පාසල් දරුවා සිය නැගණිය සමග නිවසේ සෙල්ලම් කරමින් සිට ඇත. එහිදී මෙම දරුවා බැලුම් බෝලයක් මුඛයේ රඳවාගෙන සෙල්ලම් කරමින් සිට තිබේ.

 

 

බැලුම් බෝලය මෙම දරුවාගේ උගුරේ සිරවී ඇති අතර ඒ නිසා දරුවා නෙළුව රෝහලට ඇතුළත් කර ඇත. රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිටි බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

 

මියගොස් ඇත්තේ නෙළුව ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක පහ ශ්‍රේණිය ඉගෙනූ ලැබූ සිසුවෙකි. මියගිය පාසල් සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (20) උඩුගම රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

views

162 Views

Comments

arrow-up