“ශාන් පුතා” අත්අඩංගුවට ගැනීම ගැන එළියට ආ වෙනස්ම කතාව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

“ශාන් පුතා” අත්අඩංගුවට ගැනීම ගැන එළියට ආ වෙනස්ම කතාව මෙන්න

“ශාන් පුතා” අත්අඩංගුවට ගැනීම ගැන එළියට ආ වෙනස්ම කතාව මෙන්න

මාතර කොටවිල පොලිසියේ කොස්තාපල්වරයකු විසින් එම පොලිසියෙන් හොරා ගන්නා ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, මැගෂිනයක් සහිත උණ්ඩ 10ක් මීගොඩ අරලිය උයනේ පිහිටි සිය නිවසේ සඟවාගෙන සිටි ජනප්‍රිය රැප් ගායකයකු මෙන්ම ටෙලි නාට්‍ය නළුවකු වන ශාන් පුතා නමැත්තා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (14) උදේ අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම පිස්තෝලය සොරා ගත් පොලිස් කොස්තාපල්වරයා ශාන් පුතාගේ කළමනාකරු ලෙස කටයුතු කරන පුද්ගලයකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අවිය සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධව පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු මන්නාරම ප්‍රදේශයේ පොලිසියක රාජකාරි කරමින් සිට ඇත.

 

මොහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට අනුයුක්තව මාතර කොටගල පොලිසියේ රාජකාරි කරමින් සිටියදී මෙම පිස්තෝලය සහ ජීව උණ්ඩ සොරාගෙන ඇත්තේ ඉකුත් 06 වැනිදාය.

 

ඉහත ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනා ලැබීම නිසා මෙම නිලධාරියා මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් ඉවත් කර මන්නාරමට මාරුකර යවා ඇත්තේ ඉකුත් 08 වැනිදාය. එසේ මාරුකර යැවීමට දින 02කට පෙර මොහු මාතර කොටවිල පොලිසියේ තිබූ පිස්තෝලය සොරාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

 

සැකකාර පොලිස් නිලධාරියා කොට්ටාව පොලිසියේ රාජකාරි කළ කාලසීමාවේ රැප් ගායක ශාන් පුතා දැන හඳුනාගෙන ඇති අතර පසුව ඔවුන් මිතුරන් වී ඇත. සොරා ගන්නා ලද පිස්තෝලය, ජීව උණ්ඩ සහ මැගසිනය මොහු ශාන් පුතාට භාරදී පසුව මන්නාරම ප්‍රදේශයේ පොලිසියකට මාරු වී ගොස් ඇත.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම සැකකාර පොලිස් කොස්තාපල්වරයා මුලින් අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොරා ගන්නා ලද පිස්තෝලය ගායන ශිල්පී ශාන් පුතාට භාරදුන් බව පවසා ඇත.

 

පසුව මාතර කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීහු සහ හෝමාගම පොලිසියේ නිලධාරීහු මීගොඩ පිහිටි ශාන් පුතාගේ නිවස වටලා සඟවා තිබූ ගිනි අවිය සහ ජීව උණ්ඩ අත්අඩංගුවට ගත්හ.

 

මෙම අවිය කිසියම් අපරාධයක් කිරීමට ළඟ තබාගෙන සිටියේ ද යන්න සොයා පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

views

224 Views

Comments

arrow-up